iranama
ලග්න රැසකට සුබඵල
උදාකරමින් සුරගුරු වක්‍රයෙන් මිදෙයි
පස් මසකට පසු මැයි මස 10 වන දා සිට ග්‍රහ ලොව ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සිය අසුබ වක්‍ර ග්‍රහ ගමනින් මිදී සුබඵල උදා කරනු ඇත.
ජ්‍යෙdතිෂයේ දී බ්‍රහස්පති හෙවත් ගුරුට හිමිව ඇති ස්ථානය අතිශයින්ම සුවිශේෂය. ගුරු ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුබ ග්‍රහයා ද වෙයි. අප ජන්ම පත්‍රයේ නවග්‍රහයන් අතරින් ප්‍රධාන තැනක් ගුරුට හිමිය. ඉතාමත්ම යුක්ති සහගත අධ්‍යාත්මික මෙන්ම ලෝකෝත්තර පැත්තට බර ග්‍රහයාද වේ. එසේම ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන උපදේශකයාද වෙයි. දෙවියන්ගේත් ගුරුවන නිසාවෙන් සුරගුරු ලෙස ද හඳුන්වයි. බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහලෝක අතර විශාලතම ග්‍රහයාද වන අතරම නැකැත් තරුවලට පිටින් ගමන් කරන ග්‍රහ තාරකාවද වේ. විශාලත්වයෙන් දෙවැනි වන්නේ රවි හෙවත් සූර්යයාට පමණි. ඔබ අප ජීවත්වන පෘථීවි ග්‍රහ ලොව මෙන් එක්දහස් තුන්සිය වාරයක් විශාල වන අතර ගුරු, සුරගුරු, බ්‍රහස්පති යන නම්වලට අමතරව ගුරු හට අංගීරස. ආදිය, වාගීශ, ජීව, යන නම්ද ව්‍යවහාර වේ. උපමාවේදී අප ගුරු ග්‍රහයා පුළුල් නළල් තලයක් හා මිටි මහත වටකුරු ශරීරයකින් හෙබි විශාල උදරයක්ද ඇති රන්වන් පාට සිරුරකින් යුක්ත ග්රහයෙකු ලෙස හදුන්වයි. එවන් වූ ගුරු ග්‍රහයා පසුගිය වසරේ එනම් 2015 ජූලි මස 14 වන අඟහරුවාදා දා පෙ.ව 6.20 ට එතෙක් ගමන් කළ කටක රාශියේ සිට සිය මිත්‍ර රාශියක් වන රවි හිමි සිංහ රාශියට ගෝචර ගමනින් පිවිස එම සිංහ රාශියේ එළඹෙන 2016 අගෝස්තු මස 11 වන දින කන්‍යාවට ගමන් කිරීම දක්වා සිංහයේ තැන්පත්ව සිටිනු ඇත. එසේම මෙම බ්‍රහස්පති මෙම 2016 වසරේ ජනවාරි 08 වන දින පෙ.ව 10.11 ට වක්‍ර ග්‍රහ ගමනකට හෙවත් රාශි චක්‍රයේ පසු පසට ගමන් කිරීම ආරම්භ විය. ඒ අනුව ගුරු වැනි අතිශය සුබ ග්රහයෙකු රාශි චක්‍රයේ වක්‍ර වීම හෙවත් පසුපසට ගමන් කිරීම එම ගුරුගෙන් ලැබෙන අතිශය සුබ ප්‍රතිඵල ෙනැලැබී යැමකි. ඒ අනුව එම අසුබ තත්ත්වය දුරු කරමින් එලඹෙන 2016 මැයි මස 10 වන අඟහරුවාදා දින සවස 5.45 ට ගුරු ග්‍රහයා සිය වක්‍ර භාවයෙන් මිදී නිවෘත භාවයට පත්වනු ඇත. ඒ අනුව පසුගිය ජනවාරි 08 සිට මාස 5 කට ආසන්න කාලයක් ගුරු ගෙන් නොලැබුණු සුබ ප්‍රතිඵල ඉදිරි කාලය තුල නොඅඩුව ලැබෙනු ඇත. මෙම ගුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම හේතුවෙන් පොදුවේ මේෂ, වෘෂභ. මිථුන. කටක. සිංහ. තුලා. වෘෂ්චික. ධනු. යන ලග්න හිමියන්ටත් ගුරු මහ දශා හා අතුරු දශා ගත කරන්නන්ටත් හා විශේෂයෙන් හෘද රෝග ඇති අයටත්. භික්ෂූන් වහන්සේ ඇතුළු පූජක පක්ෂයටත් මෙම ගුරු වක්‍රයෙන් මිදීම බෙහෙවින් සුබ දායක තත්ත්වයකි.
එසේම මෙම ගුරු වක්‍රයෙන් මිදීම හේතුවෙන් සිංහ ලග්න හිමි ඔබට මෙම වසර සියලු අංශ වලින් බෙහෙවින්ම සුබ දායක වන අතර මේෂ ලග්න හිමි කාන්තාවන්ට ඉකුත් කාලය තුල ප්‍රමාද වූ දරුඵල වාසනාව හිමිවන අතර වෘෂභ ලග්නය හිමි ඔබගේ මෙතෙක් ඉටු නොවූ ගේ දොර ඉඩකඩම් කටයුතු මෙම කාලය තුල සාර්ථක වීමේ ප්රවනතාවයක් උදා වනු ඇත. මිථුන ලග්න හිමිs ඔබට සහෝදර සෙහෝදරියන්ගෙන්a උපකාර හා උදව් හිමිවන කාලයක් වනු ඇත. කටක හා තුලා ලග්න හිමියන්ට තම ආර්ථික හා ව්‍යාපාර අංශ වලින් සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මෙම ගුරු වක්‍රයෙන් මිදීම වෘෂ්චික ලග්න හිමියන්ගේ රැකියා කටයුතු වලට සුබ දායක වන ග්‍රහ මාරුවක් වනු නොඅනුමානය. ධනු හා කන්‍යා ලග්න හිමියන්ගේ මෙතෙක් ප්‍රමාද වූ විදෙස් ගමන් බලාපොරොත්තු ඉටු වන කාලයක් වීමට ඉඩ ඇත. මකර ලග්න ඔබට මධ්‍යම ඵල උදාවන අතර හා කුම්භ ලග්න හිමි ඔබගේ විවාහ කටයුතු වලට සුබ දායක වන්නේය. මීන ලග්න හිමි ඔබගේ මෙතෙක් සුවවීමට ප්‍රමාද වූ රෝගාබාධ සුව වනු ඇත.
පොදුවේ රට වශයෙන් ගත් කල මෙම කාලසීමාව තුල පසුගිය කාලයේ ජනතාව අතර පැවතී නොසන්සුන්කාරී තත්ත්ව හා නීති විරෝධී ක්රීයා යම් පමණකට පහව යනු ඇත. රාජ්‍ය පාලක ඇත්තන්ට පසුගිය කාලයේ පැවතී බාධාකාරී තත්ත්ව අඩු වන කාල සීමාවකි. අධ්‍යාපන. නීතිය වැනි අංශ වල කැපී පෙනෙන දියුණුවක් ඇති වන කාලයකි. රටට විදේශ ආධාර හා උදව් හිමිවනු ඇත. නීති විරෝධී ක්රීයාවන් හා අයථා ක්‍රම වලින් මුදල් උපයා ගත් අය මෙන්ම එවැනි නීති විරෝධි ආයතන මෙම කාල සීමාව තුල රටට හෙළි වනු ඇත.
ගුරුගේ පාලනය යටතේ පවතින විෂයන් ගණනාවකි. එනම්. රටේ වැදගත්ම මහා භාණ්ඩාගාරය. අධ්‍යාපනය. නීතිය. ආගම. දර්ශනය. බැංකු හා වෙළද ව්‍යාපාර. ආර්ථික විද්‍යාව. හමුදා බැරැක්ක. විහාරස්ථාන. රක්ෂණ සමාගම් වැනි ඉතාම වැදගත් සAථාන ගණනාවක්ම ගුරුට හිමිය. මෙම අංශයන් වල දියුණුවක් ඇති වන කාල සීමාවකි.
සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්රයාගේ ද, අති ශේ්රෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්රහස්පතී පුෂ්ටිමත් ස්ථූල, අංග සම්පූර්ණ ශරීරයක් ඇති තේජවන්ත ශක්තිවන්ත වංශවතකු ලෙස ඉපැරැණි ජ්‍යෙdතිෂ ග්රන්ථයන්හි උපමා අනුසාරයෙන් දක්වා තිබේ. තාරකා විද්‍යාවට අනුව ද බ්‍රහස්පති කුඩා වන්නේ සූර්යයාට පමණක් වන අතර. අනෙක් සියලුම ග්‍රහයන්ට වඩා විශාලත්වයෙන් යුත් මෙම ග්‍රහයාගේ මැදින් සැතපුම් පන්දහසක පමණ බාහිර නෙරුමක් ඇති බැවින් උසට වඩා මහතින් වැඩි බව කියෑවේ.
ගුරු ලග්න භාවයේ සිටින අයගේ ශරීර මහත් වේ. ඔබ අප ජීවත් වන පෘථීවියට මදක් ඈතින් ගුරු සිටියද ඔහුගේ බලපෑමේ කිරණ ශක්තිය නිරතුරුවම ඔබට ලබා දෙනු ඇත. අහස පැහැදිලි කාලයේදී කහපාටින් බබලන බ්‍රහස්පති ඔබට පහසුවෙන් හදුනා ගත හැකිය. සුරගුරුට උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් 16 දෙනෙකු සිටිනා අතර ග්‍රහ මණ්ඩලයේ සුභම සුභ පුරුෂ ග්‍රහ තාරකාව ද වන්නේය. ගුරුගේ නැණවත් බව. නිරහංකාර බව පරිත්‍යාගශීලි බව, ධර්මිෂ්ට බව විනීත බව මෙන්ම ගුණ ධර්මාදීන්ගෙන් පිරිපුන් බව නිසාවෙන්ම ග්‍රහ මණ්ඩලයේ ගුරුට අභියෝග කිරීමට අන් ග්‍රහයන්ට නොහැකිය. ගුරු අන්‍යයන්ට ආදරය හා කරුණාව දැක් වීම නිසා ඔහුට කවුරුත් ඉතාම කැමතිය. බ්‍රහස්පති යමක් විසුරුවා හරින ග්‍රහයා නිසාවෙන් ඔහුගේ යෝග වීමක් නැතහොත් එක් වීමක් හෝ දැක්මක්. දෘෂ්ටියක් ලැබූ පමණකින්ම කෝටියක් දෝෂ භංග වීනැති වීයයි. එවිට නිතතින්ම සුබ ඵල උදා වනු ඇත. එපමණක්ද නොව අසුබම ග්රහයෙකුට (රවි. කුජ. ශනි රාහු. කේතූ වැනි ග්රහයෙකුට ගුරුගේ දෘෂ්ටියක් වැටුනු කල එම අසුබ නැතිවි සුබ භාවයට පත් වේ. එය සුරගුරු හට ඇති ප්රමුඛ ගුණයකි. මෙම ග්‍රහයා හට ප්‍රධාන වශයෙන් පුත්‍ර කාරකත්වය හිමි අතර ඥාන කාරකත්වය මෙන්ම ධන කාරක හා අධ්‍යාපන නෑකමක්ද ඔහුට හිමිය. මෙම ග්‍රහයා යෝග වීම මත ගුරු හංස. වැනි පංච මහා පුරුෂ යෝග හා ගජ කේශරි. රණහංස. භූමිපාල. ජය සිදු වැනි ඉතා සුබ යෝග මෙන්ම සකට වැනි අසුබ යෝගද උදා වේ. ගුරු බලවත්ව ජන්ම පතේ පිහිටා සටියද (රවි. කුජ. ශනි රාහු. කේතු වැනි පාප ග්‍රහ දෘෂ්ටියකට ලක් වුවහොත් ඔහුගේ සුබ ඵල අඩුවනු ඇත. ඒ කෙසේ වුවත් අන් ග්‍රහයන් මෙන් පාප දෘෂ්ටි වලින් පහසුවෙන් මෙම ග්‍රහයා දුර්වල කළ නොහැක. ඈත පුරාණයේ සිටම බ්‍රහස්පතිට ගුරු මෙන් සලකනු ලබයි. සෑම ජාතියක්ම හා ආගමක්ම ඔහුව උසස් අන්දමින් සලකනු ලබයි. ඒ නිසාවෙන් බ්‍රහස්පති ගුරුන් වහන්සේ. යුක්තිය පසිඳින්නා ආදි නම්ද භාවිතා වේ. අශ්වයින්ට. ඇතුන්ට. මුවන්ට. ගෝනුන්ට හා ගෘහවාසී සතුනට හා මොණරාදී පක්ෂීන්ටද මෙම ග්‍රහයා අ
Wmqgd .ekSu